වත්මන් රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
එන්.වී.කියු. (NVQ) 4 සුදුසුකම් ලත් වෘත්තීය නිපුණතා ශිල්පීන් 464 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෘත්තීය අධ්‍යාපනය තුළ දැවැන්ත වෙනසක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
සහතිකපත් පිරිනැමීමේ වැඩසටහන යටතේ වෘත්තීය ක්ෂේත්‍ර 06ක් නියෝජනය කරමින් පුහුණුව ලැබූ පිරිසකට සහතිකපත් ප්රදානය කෙරුණා.
ඒ අතර මෝටර් කාර්මික ශිල්පය, මෝටර් විදුලි කාර්මික ශිල්පය, මෝටර් රථ වායු සමීකරණ ශිල්පය සහ මෝටර් රථ පින්තාරු ඇතුළු ක්ෂේත්රවල පුහුණුව ලැබූ පිරිසක් සිටිනවා.














