ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලුකිස්තාන පළාත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
බලුකිස්තාන පළාත් සෞඛ්‍ය අමාත්‍ය බක්ට් මුහම්මද් කකාර් මහතා සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීම, බෝ නොවන රෝග පාලනය සහ නිවාරණය මෙන්ම පාසල් සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම, පාකිස්තානයේ DHIS2 සහ HISP ආයතනවල සහාය ඇතිව සෞඛ්‍ය තොරතුරු පද්ධති සංවර්ධනය කිරීම සහ ඩිජිටල් සෞඛ්‍ය තාක්ෂණය භාවිතය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
වෛද්‍ය වෘත්තිකයන් සඳහා පුහුණු අවස්ථා පුළුල් කිරීම, දෙරටේ සෞඛ්‍ය අංශ අතර අත්දැකීම් සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම මව් සහ ළමා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා.















