කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඔක්තෝබර් 08 වැනිදා පැය 8ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කර තිබෙනවා.
එමෙන්ම, අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
















