හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ බොරතෙල් සහ LPG ප්‍රවාහන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) වාර්තා කර තිබේ.
එමෙන්ම හෝමූස් මුහුදු කලාපයට ඇතුළු වෙමින් තිබූ තවත් තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් රේඩියෝ පණිවුඩයක් මගින් අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.
වහාම ගමන් මාර්ගය වෙනස් නොකළහොත් ප්‍රහාරයකට මුහුණදීමට සිදුවන බවට කළ අනතුරු ඇඟවීමෙන් පසු එම නෞකාව ආපසු හරවා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, නෞකා කිහිපයකට එල්ල වූ බව කියන ප්‍රහාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.
ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් කලාපයේ නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව තිබේ.
















