“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ දිවයින පුරා ඉදිකරන නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 250ක් ජනතා අයිතියට පත් කර තිබේ.
ඒ අනුව උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිද්දවුල්ල ග්‍රාම නිලධාරී වසමේ අලුතින් ඉදිකරන ලද නිවසක් එහි ප්‍රතිලාභී පවුල වෙත නිල වශයෙන් භාරදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.
ලෝක ජනාවාස දිනයට සමගාමීව මෙම නිවාස ජනතා අයිතියට පත් කර ඇති අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
අඩු ආදායම්ලාභී සහ නිවාස නොමැති පවුල් සඳහා සුරක්ෂිත වාසස්ථානයක් ලබාදීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම අවස්ථාවට උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති අසිත රණවීර මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.














