සවුදි අරාබියේ දම්මාම් බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ පසුවන අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා ඇති මරණ දඬුවමට එරෙහිව ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීම මත සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මේ අතර, මෑතකදී බන්ධනාගාරය තුළ වෙනත් රැඳවියෙකු සමඟ ඇති වූ ගැටුමකින් සිවරාසාගේ මුහුණේ සීරීම් සලකුණු ඇති වී ඇති අතර, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුව වෙනත් මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත. ඔහුගේ ජීවිතයට දැනට කිසිදු තර්ජනයක් නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත බන්ධනාගාර බලධාරීන් සහතික වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















