සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යෝජිත නව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු හිටපු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කර ඇත.
යෝජිත ව්‍යවස්ථාව පරිපූර්ණ නොවිය හැකි බවත්, එහි ඇතැම් වගන්ති පිළිබඳව වැඩිදුර සලකා බලා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට සිදුවිය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එම ව්‍යවස්ථාව මගින් පනත් කෙටුම්පත පිළිබඳව විවාද කර අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් මුදාගත් ඉදිරි මාවතක් සඳහා එකඟතාවකට පැමිණීමට අවස්ථාවක් ලැබී ඇති බව ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා මෙම වැඩපිළිවෙළ පදනමක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
















