සෞඛ්‍ය උපාධි විකිණීම වැළැක්වීම, ආචාර්ය හිඟය, නේවාසිකාගාර ගැටලුවලට විසඳුම් ලබාදීම සහ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) දක්වා වූ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට ළඟා වී ඇති අතර, සිසුන් විශාල පිරිසක් එහි රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලෙමින් සිටින බැවින් එම මාර්ගය භාවිතා කරන රියැදුරන් විකල්ප මාර්ග හරහා ගමන් කරන ලෙස ඉල්ලා සිටී.
















