උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම කලාප දෙකෙහි අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2027 ජනවාරි මස මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිත අතර, පරන්තන් කලාපයේ ඉඩම් වෙන්කිරීම් 2026 නොවැම්බර් අග වන විට ආයෝජකයින්ට විවෘත කිරීමට නියමිතය. ආයෝජකයින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඒකීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සහ උතුරු පළාතේ ආයෝජක පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මෙහිදී අවධානය යොමු වී තිබේ. තවද, ප්‍රාදේශීය ශ්‍රම බලකා තොරතුරු දත්ත සමුදායක් ස්ථාපිත කිරීමට සහ අරියාලෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් සහ මුහුදු පැළෑටි වගා ව්‍යාපෘති පුළුල් කිරීමටද පියවර ගෙන ඇත.














