දිවයින පුරා පිහිටි වතු ආශ්‍රිත පාසල්වල ඩිජිටල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර, පළාත් 6ක පවතින වතු පාසල් 849න් විදුලිය නොමැති පාසල් 3ක් හැර අනෙක් සියලු පාසල් සඳහා පහසුකම් සපයා ඇති බවත්, ඉන්දීය ආධාර යටතේ වතු පාසල් 60ක ස්මාර්ට් පන්ති කාමර (Smart Classrooms) ඉදි කරන බවත් පැවසුවාය. තවද, 2026 දෙසැම්බර් 31 වැනි දිනට පෙර සියලු ද්විතීයික පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇති අතර, දමිළ මාධ්‍ය ගුරුවරුන් සඳහා ඩිජිටල් මෙවලම් භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත්, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















