ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක ප්රමාණයේ සිට සැප්තැම්බර් මාසය වන විට 1.1%කින් පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2026 සැප්තැම්බර් මාසය අවසානය වන විට මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩු වී ඇති බවයි.
මෙම නිල සංචිත වත්කම් ප්රමාණයට චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්රතිපාදන ද ඇතුළත් වන බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.














