ඊශ්‍රායලය සමඟ මේ වසරේ ඇති වූ යුද්ධයෙන් අවතැන් වූ ලෙබනන් ජනතාවට සහාය ලබාදීම සඳහා ඉරානය විසින් හිස්බුල්ලා සංවිධානය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු පළ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම මුදල් හුවමාරුව පිළිබඳ සෘජු දැනුමක් ඇති පුද්ගලයින් දෙදෙනෙකු මේ බව සඳහන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, අමෙරිකාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ටොමී පිගොට් සඳහන් කර ඇත්තේ එවැනි මුදලක් ලබාදී නොමැති බවයි.
මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ නිලධාරියෙකු යම් මුදලක් සුරක්ෂිත කර ඇති බවත්, එය බෙදාදීමේ සැලැස්ම ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කර ඇත. එහෙත් එම මුදල් ලැබුණු මූලාශ්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු ලබාදී නොමැති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, අමෙරිකානු සම්බාධක හමුවේ ඉරානයෙන් ලෙබනනයට මුදල් යැවීමේ දුෂ්කරතා ඉහළ ගොස් ඇති අතර, එම මුදල් මාරු කිරීමේදී අතරමැදියන් 20%ක පමණ ගාස්තුවක් අය කර ඇති බවද සඳහන් වේ.
















