ශ්රීලන්කන් ගුවන් සේවය විසින් සෞදි අරාබියේ දම්මාම් ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) ක්රියාත්මක වීමට නියමිත ගුවන් ගමන අවලංගු කර තිබේ.
අද දෙරණ වාර්තා කරන පරිදි, ශ්රීලන්කන් ගුවන් සේවයේ මාධ්ය ප්රකාශක දීපාල් පෙරේරා මහතා මේ බව තහවුරු කර ඇත.
හෙට (13) දිනයේ ගුවන් ගමන් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමක් සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබේ.
ගුවන් මගීන්ට තම ගුවන් ගමනේ නවතම තත්ත්වය ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියෙන් හෝ ගුවන් සේවය අමතා තහවුරු කරගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.
















