හැටන්–නෝටන්බ්රිජ් ප්රධාන මාර්ගයට විශාල යූකැලිප්ටස් ගසක් කඩා වැටීමෙන් පැය තුනක පමණ කාලයක් ඇනහිට තිබූ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
11 වැනිදා රාත්රී 9.00ට පමණ කාසල්රි ජලාශය අසල සමර්හිල් ප්රදේශයේදී මෙම ගස මාර්ගය හරහා කඩා වැටී ඇති බව වාර්තා වේ. එම ප්රදේශයට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගස කඩා වැටී ඇති බව සඳහන් වේ.
හැටන් පොලිසියේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව මාර්ගයට වැටී තිබූ ගසේ අතු කපා ඉවත් කිරීමෙන් පසු ගමනාගමනය යළි ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, මාර්ගය මත ඉතිරිව ඇති ගසේ කඳ කොටස ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, ගස කඩා වැටීමෙන් සමර්හිල් ප්රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියට හානි සිදුවීම හේතුවෙන් එම ප්රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී තිබේ.
















