දිවයිනේ පාසල් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන ප්රධානතම ක්රීඩා මංගල්යය වන 40 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්රීඩා තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 16, 17, 18, 19 සහ 20 යන දිනවලදී හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිවයින පුරා පිහිටි පළාත් මට්ටමින් ජයග්රහණ ලබාගත් දක්ෂතම පාසල් ක්රීඩක ක්රීඩිකාවන් රැසක් මෙම මලල ක්රීඩා උළෙල සඳහා එක්වීමට නියමිත අතර, මෙරට අනාගත ජාතික මට්ටමේ ක්රීඩා තරු බිහිකරන ප්රධාන වේදිකාවක් ලෙස මෙම තරගාවලිය සැළකේ. දියගම ක්රීඩාංගණ පරිශ්රයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ කටයුතු සඳහා අවශ්ය සියලු සූදානම් කිරීම් මේ වන විටත් සංවිධායකයින් විසින් සිදුකරමින් පවතී.
















