කොටගල ෆොරස්ටික් වතුයායට පිවිසෙන මාර්ගයේ අලුතින් කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කළ කොටසට හානි සිදු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක බව දිඹුල පතන පොලිසිය සඳහන් කරයි.
පොලිසියට අනුව, තේ වතු වෙත පිවිසෙන මාර්ග කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ, රුපියල් ලක්ෂ 20ක ප්රතිපාදන මත මීටර් 320ක මාර්ග කොටසක් ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු 11 වැනිදා ආරම්භ කර තිබේ.
කොන්ක්රීට් කොටස වියළීම සඳහා දින 14ක් එම මාර්ගය භාවිත නොකරන ලෙස දැනුම්දීමක් ද ප්රදර්ශනය කර තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එදින පස්වරු 6.00ට පමණ තරුණයන් පිරිසක් අදාළ කොන්ක්රීට් මාර්ග කොටස මතින් ගමන් කර ඇති බවත්, එමඟින් මාර්ගයට හානි සිදුවූ බවට ප්රදේශවාසීන් චෝදනා කරන බවත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 12 වැනිදා හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිඹුල පතන පොලිස් ස්ථානාධිපතිවරයා ප්රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
















