ඓතිහාසික මිහින්තලා පුදබිමේ උඩමළුවේ, මිහිඳු ගුහාව ආසන්නයේ තට්ටු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පුරාවිද්යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ විරෝධය පළ කරති.
උන්වහන්සේ පවසන්නේ පුරාවස්තු රැසක් පිහිටි සංවේදී ප්රදේශයක මෙම ඉදිකිරීම් සිදුකිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ අත්තනෝමතික ලෙස බවයි. අනුරාධපුර පුරාවිද්යා සහකාර අධ්යක්ෂවරයාගේ මැදිහත්වීමකින් හෝ හානි ඇගයීම් වාර්තාවකින් තොරව ඉදිකිරීම් සිදුවන බවට ද උන්වහන්සේ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා සහ සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆර් මහතා දැනුවත් කළ බව ද සමිත හිමියෝ සඳහන් කරති.
















