ලබන අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය පී. රුවන් සෙනරත් මහතා පවසයි.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්යාංශය ක්රියාත්මක කරන **“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්”** වැඩසටහන යටතේ තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නව නිවාස පහක් ප්රතිලාභීන් වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම, බුදු සසුනට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් ද නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇති බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
















