හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති නමුත් ඔහු මානසිකව පසුබැස නැතැයි ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා සාමාන්ය තත්ත්වයන් යටතේ වෛද්ය ප්රතිකාර හා පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බවත්, ඔහුගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ තීරණය වෛද්යවරුන් විසින් ගනු ඇති බවත් මනෝජ් ගමගේ මහතා සඳහන් කර තිබේ.
තමන් අද උදෑසන ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතා කළ බව පැවසූ ඔහු, හිටපු ජනාධිපතිවරයා මානසිකව වැටී නොමැති බව ද අවධාරණය කළේය.
















