පානදුර සහ මොරටුව ප්රදේශවලට අයිස් මත්ද්රව්ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන තරුණ යුවළක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, ඔක්තෝබර් 11 වැනිදා සිදුකළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 1,651,901ක් සහ ප්රවාහනයට යොදාගත් බව කියන ස්කූටි වර්ගයේ යතුරුපැදියක් භාරයට ගෙන ඇත. එම මත්ද්රව්ය ප්රමාණය කිලෝග්රෑම් 1.65කට ආසන්න වේ.
විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසන්නේ, විදෙස්ගතව සිටින බව කියන “මෝදර අසිත” නමැත්තාගේ මෙහෙයවීම මත මෙම ජාවාරම සිදුකර ඇති බවයි. පොලිස් පරීක්ෂණ මඟහැරීම සඳහා දෙහැවිරිදි දරුවා රෝහලට රැගෙන යන බව පවසමින් ගමන් කර ඇති බවට ද සැක කෙරේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි “මෝදර චිකෝ” නමැති පුද්ගලයෙකු සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ බව වාර්තා වේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිසියට භාරදී ඇති අතර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
















