කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.
අදාළ නඩුව ඔක්තෝබර් 12 වැනිදා කැඳවූ අවස්ථාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් දෙදෙනා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.
ගම්පහ බබා සහ බබී නමැත්තන් නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඉන්දියාවට යැවීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කරන වාර්තාව සලකා බලා අවශ්ය නියෝග ලබාදෙන බව මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත. සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ.
















