සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බලප්රදේශයේ ප්රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.
තමා සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ඔහු පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කර ඇත. ඒ අනුව කුරුණෑගල ප්රධාන සංවිධායක ධුරයට අමතරව පක්ෂයේ නියෝජ්ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් ඔහු ඉල්ලා අස්වී ඇති අතර, පක්ෂයේ ආරම්භක අවස්ථාවේ සිට කටයුතු කිරීමට ලැබීම ගැන සතුටු වන බවත් පක්ෂයේ ඉදිරි කටයුතුවලට සුබ පතන බවත් එම ලිපිය මගින් දන්වා තිබේ.
















