හැටන් මප/නු/ශාන්ත ජෝන් බොස්කෝ ජාතික පාසලේ සිංහල අංශය වෙනුවෙන් ප්රථම වතාවට සුහුරු පුවරුවක් සහ තොරතුරු තාක්ෂණ අංශයට පරිගණක කිහිපයක් පරිත්යාග කිරීමට පියවර ගෙන තිබේ.
1997 වසරේ එම පාසලේ සාමාන්ය පෙළ හැදෑරූ ආදි සිසුන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 08කට අධික පිරිවැයකින් සංවිධානය වූ මෙම ව්යාපෘතිය යටතේ, අදාළ උපකරණ සිසු අයිතියට පැවරීම විශ්රාමික විදුහල්පති ජෝන් දෙනියගේ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය (08) වනදා සිදුවිය. මෙම අවස්ථාවට අධ්යාපන නිලධාරීන්, වත්මන් විදුහල්පති ඒ. රොබට් මහතා, සිංහල අංශ භාර විදුහල්පතිනිය හෂිනි පෙරේරා මහත්මිය, විශ්රාමික සහ වත්මන් ගුරු භවතුන් මෙන්ම ආදි සිසුන් සහ සිසු දැරියන් රැසක් එක්ව සිටියහ.
















