ටැන්සානියාවේ අරුෂා නුවර පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 153 වන සමුළුව සඳහා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී රිසාඩ් බදියුදීන් මහතා සහභාගී වී තිබේ.
සමුළුවේ ප්රධාන සැසිය අමතමින් කථානායකවරයා සඳහන් කළේ, සියලු පාර්ශ්වයන්ට සමාන අවස්ථා ලබා දීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීම තිරසාර ප්රජාතන්ත්රවාදයක මූලික පදනම වන බවයි. වත්මන් දසවන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය, මලයගම් ප්රජාව නියෝජනය කරන මන්ත්රීවරියන් සහ ආබාධ සහිත මන්ත්රී නියෝජනය පිළිබඳවද එහිදී තොරතුරු අනාවරණය කළ අතර, සමුළුවට සමගාමීව ශ්රී ලංකා දූත පිරිස ලෝක සෞඛ්ය සංවිධානයේ නියෝජිතයන් හමුවී ජාතික සෞඛ්ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක ද නිරත විය.
















