ජාතික නාමල් උයන ඓතිහාසික පරිසර පද්ධතිය කේන්ද්ර කරගනිමින් දකුණු කොරියානු සංවිධාන හා ආයතන එක්ව ක්රියාත්මක කරන පාරිසරික හා මානුෂීය ව්යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණි දකුණු කොරියානු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා හමුවී තිබේ.
අද (12) දින විදේශ කටයුතු අමාත්යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර පවතින සබඳතා, සංස්කෘතික හා තාක්ෂණික හුවමාරුව, පරිසර සංරක්ෂණය සහ පාසල් ළමුන්ගේ අධ්යාපනික හා යහපැවැත්ම නංවාලීමේ මානුෂීය වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කර ඇත. වසර 35කට අධික කාලයක් පූජ්ය වනවාසී රාහුල හිමියන් විසින් සුරක්ෂිත කළ ජාතික නාමල් උයන කේන්ද්ර කරගනිමින් සිදුවන මෙම සහයෝගීතාව පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකේ.
















