වත්මන් ජාතික ජන බලවේගයේ (NPP) ඉහළම නායකත්වයේ දැඩි බලපෑමක් මත වැලිකඩ බන්ධනාගාරයේදී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
කළු ඇඳුමින් සැරසී කොළඹදී මාධ්ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය ඔක්තෝබර් 8 වැනි දින තමන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඥානසාර හිමියන් බැහැදුටු බවත්, එහිදී උන්වහන්සේ මෙම සිදුවීම තමන්ට ප්රකාශ කළ බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ සහ හිමියන්ගේ දැඩි විරෝධතා මැද, ඉහළ නායකත්වයේ බලපෑම් මත මෙම ක්රියාමාර්ගය ගෙන ඇති බවත්, උන්වහන්සේගේ ඇඳකඩය ඉවත් කිරීමට යාමේදී ඇති වූ කම්පනය හේතුවෙන් එම ඇඳුම කැරකෙමින් තිබූ විදුලි පංකාවක පැටලී ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.














