සංවර්ධන කටයුතුවලට ලක්වෙමින් පවතින නාවින්න ක්‍රීඩාංගණය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී මහජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහි විශේෂත්වය වන්නේ, ඉදිකිරීම් අවසන් වූ පසු මෙම ක්‍රීඩාංගණය කිසිදු මුදලක් අය කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලේ මහජනතාවට, ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තරුණ තරුණියන්ට ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු සඳහා භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමයි. මීට පෙර අතහැර දමන ලද කසළ බැහැර කරන භූමියක් ලෙස පැවති මෙම ප්‍රදේශය, මහජනතාවගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලිය හැකි නවීන ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.














