විශේෂඥ දැනුම සහ හැකියාවන් තිබෙන වෘත්තිකයන් වර්තමානයේ රාජ්ය සේවයට ආකර්ෂණය කර ගැනීමට යාමේදී දැඩි අර්බුදවලට සහ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ‘ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026′ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තේවරතන්ත්රි මහතා සමඟ පැවති විශේෂ සංවාදයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, රාජ්ය සේවයේ අකාර්යක්ෂමතාව දුරු කරමින් විශේෂඥ දැනුම ඇති වෘත්තීයවේදීන් රාජ්ය සේවයට දිනා ගැනීම සඳහා ඔවුන්ගේ දැනුමට හා වටිනාකමට ගැලපෙන පරිදි නව වැටුප් තල නිර්මාණය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අවධාරණය කළේය.














