රිපබ්ලිකන් පක්ෂයට කොංග්රසයේ බලය රඳවා ගැනීමට සහාය වීම සඳහා ප්රකට ව්යාපාරික එලෝන් මස්ක් විසින් 2026 මධ්යකාලීන මැතිවරණය වෙනුවෙන් මේ දක්වා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 366ක් වියදම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන් ඩොලර් මිලියන 276ක්ම ජූලි මාසයෙන් පසු ගත වූ කෙටි කාලය තුළ පමණක් වියදම් කර තිබීම විශේෂත්වයකි. ඩිමොක්රටික් පක්ෂයට නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සහ සිනටයේ බලය යළි ලබා ගැනීමට ඇති අවස්ථා ඉහළ ගොස් තිබියදී ඔහු මෙම දැවැන්ත පරිත්යාග සිදු කර ඇත. නවතම මැතිවරණ මූල්ය වාර්තාවලට අනුව, මෙම ත්යාගශීලීභාවය හේතුවෙන් ලොව ධනවත්ම පුද්ගලයා වන මස්ක් මෙම වසරේ මැතිවරණ බිමේ ප්රධානම දේශපාලන පරිත්යාගශීලියා බවට පත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.














