ශ්රී ලංකාව තුළ වරාය නගරය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්ර රැසක නව ආර්ථික අවස්ථා උදාවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්යන්තර අවධානය යොමු කරමින් පැවති 2026 ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමිනි. ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්රමවේදයක් පවත්වාගෙන යාමටත්, අවශ්ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීමටත් රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය. එසේම, විදෙස් ආයෝජකයන් සමඟ ඉතා හොඳින් සහසම්බන්ධ විය හැකි ශක්තිමත් ව්යාපාරික ප්රජාවක් ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලු දෙනාට ආරාධනා කර සිටියේය.
















