2027 වසරේ ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ (SLEXPO 2027) ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙස තුර්කි ව්යාපාරිකයන් දිරිමත් කිරීමේ විශේෂ ප්රවර්ධන වැඩසටහනක් ඉස්තාන්බුල්හිදී පවත්වන ලදී.
‘දකුණු ආසියාවේ බැබළෙන තරුව: ශ්රී ලංකාවේ වෙළෙඳ හා ආයෝජන අවස්ථා’ තේමාව යටතේ අන්කාරාහි ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ ඉස්තාන්බුල් වාණිජ මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. තුර්කියේ ශ්රී ලංකා තානාපති නිලුක කදුරුගමුව සහ ඉස්තාන්බුල් වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හක්තාන් අකින් (Haktan Akin) යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවති මෙම හමුවේදී, නැඟී එන වෙළෙඳපොළක් ලෙස ශ්රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කෙරුණි. තුර්කියේ ප්රමුඛ පෙළේ ආයෝජකයන් සහ ව්යාපාරිකයන් රැසක් මීට එක්ව සිටි අතර, SLEXPO 2027 හරහා දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.














