කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට අද (13) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇදහැලී තිබේ.
නෝර්වුඩ්, හැටන් සහ දික්ඔය ප්රදේශවලට මෙලෙස අධික වර්ෂාවක් ලැබී ඇති බව වාර්තා වේ.
ජල පෝෂක ප්රදේශවලට අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශය භාර ඉංජිනේරුවන් ප්රකාශ කර ඇත.
ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින්, අදාළ බලධාරීන් නිකුත් කරන නිවේදන සහ උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.














