කොටුගොඩ පාසල ආසන්නයේදී මෝටර් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.
ප්රදේශවාසීන් පැවසූ පරිදි, වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ සංවර්ධනය කරමින් පවතින බෝක්කුවක් අසල යොදා තිබූ මාර්ග බාධකය රියදුරුට නොපෙනීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව සහ කිසිවෙකුට තුවාල සිදුවී තිබේද යන්න පිළිබඳ නිල තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.















