එංගලන්තයේ පාපන්දු සමාජ දැඩි මූල්ය අවදානමකට මුහුණ දී සිටින බව එරට ස්වාධීන පාපන්දු නියාමකයා (Independent Football Regulator – IFR) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඔක්තෝබර් 13 වැනිදා රොයිටර්ස් වාර්තා කළ පරිදි, එංගලන්තයේ ප්රධාන පෙළේ පාපන්දු ලීග පහට අයත් සමාජවලින් 94%ක් පාඩු ලබමින් ක්රියාත්මක වන බව වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ පිහිටුවන ලද IFR ආයතනය, එංගලන්ත පාපන්දු ක්රීඩාවේ මූල්ය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා කරුණු හයකින් සමන්විත සැලැස්මක් යෝජනා කර ඇත. එයට වියදම් පාලනය දැඩි කිරීම සහ අනපේක්ෂිත මූල්ය තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හදිසි සැලසුම් සකස් කිරීම ඇතුළත් වේ.
පාපන්දු සමාජවල දිගුකාලීන මූල්ය ස්ථාවරත්වය තහවුරු කිරීම මෙම යෝජනාවල අරමුණ බව වාර්තාවේ දැක්වේ.















