මෙම වසරේ ප්රධාන පොපි මල් ගුණානුස්මරණ උත්සවය එළඹෙන නොවැම්බර් මස 8 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමයේ සභාපති, ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් මේ බව ප්රකාශ කළේය. එදිනට පෙර සෙනසුරාදා කොළඹ ගාලුමුවදොර පිටියේ සිට විහාරමහා දේවී උද්යානයේ පිහිටි කොළඹ යුද ස්මාරකය දක්වා ‘සංකේතාත්මක පොපි පා ගමන’ සංවිධානය කර ඇති බව ඔහු සඳහන් කළේය. පළමු සහ දෙවැනි ලෝක යුද්ධවලින් මියගිය අය සිහිපත් කිරීම සහ 1948 නිදහසේ සිට 2009 මානුෂික මෙහෙයුම දක්වා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට කෘතගුණ සැලැකීම මෙම සැමරුමේ අරමුණයි. මෙවර පොපි මල් ව්යාපාරය හරහා රුපියල් මිලියන 30ක අරමුදලක් රැස් කිරීමට ඉලක්ක කර ඇති අතර, එම සියලු අරමුදල් රණවිරු සුභසාධන කටයුතු සඳහා පමණක් යොදවන බව සංගමය පවසයි.
















