ගාසා නගරයේ අල්-රිමල් ප්රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකට ඊශ්රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්රහාරයකින් පලස්තීන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අල්-ෂිෆා රෝහලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම ප්රහාරයෙන් වයස අවුරුදු 33ක රීම් අසාද් අවද් නැමැති කාන්තාව මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්රහාරය හේතුවෙන් නිවාස තුළ හටගත් දැවැන්ත ගින්නකින් මියගිය කාන්තාවගේ කුඩා දියණිය ආරක්ෂිතව මුදා ගැනීමට සමත් වී තිබේ. හමාස් සංවිධානයේ සාමාජිකයෙකු ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කළ බව ඊශ්රායලය ප්රකාශ කළද, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එළඹුණු සටන් විරාමයෙන් පසු මේ දක්වා ගාසා නගරයේ මියගිය පලස්තීනුවන් සංඛ්යාව 1,501ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
















