ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් ප්රශ්න කර සාක්ෂි සටහන් කරගෙන තිබේ.
කොමිසම කළ දැනුම්දීමකට අනුව ඇය පසුගිය 13 වැනිදා කොමිසම හමුවේ පෙනී සිට ඇති අතර, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ඇයගෙන් සාක්ෂි සටහන් කරගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. කෙසේ වෙතත්, මීට පෙරද කොමිසම ඇයගෙන් ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
මේ වනවිට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පුද්ගලයන් 70කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර, ප්රකාශ සටහන් කරගෙන ඇති සංඛ්යාව 370කි.
කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මෙම මාසය අවසානයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සඳහන් වේ.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
















