ජාත්යන්තර සුදු සැරයටි දිනය අද (15) සමරනු ලබයි. දෘෂ්යාබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ ස්වාධීනව ගමන් කිරීමේ හැකියාව පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්රධාන අරමුණකි.
මෙවර දිනයේ තේමාව ලෙස “සුදු සැරයටියයි, දෙනුවන එළියයි” යන්න ඉදිරිපත් කර තිබේ.
සුදු සැරයටිය දෘෂ්යාබාධිත පුද්ගලයන්ට ගමන් කිරීමේදී අවට පරිසරය හඳුනාගැනීමට සහ දිශානතිය තීරණය කිරීමට උපකාරී වන වැදගත් මෙවලමකි. එය ඔවුන්ගේ අනන්යතාවේ සංකේතයක් ලෙසද සැලකේ.
සුදු සැරයටිය භාවිතයෙන් දෘෂ්යාබාධිත පුද්ගලයන්ට වැඩි ආරක්ෂාවකින්, විශ්වාසයකින් සහ ස්වාධීනත්වයකින් යුතුව දෛනික කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ.
දෘෂ්යාබාධිත ප්රජාව මුහුණ දෙන සමාජීය, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික බාධක පිළිබඳ සමාජය දැනුවත් කිරීමත්, ඔවුන්ට සමාන අවස්ථා සහ පහසුකම් සහිත පරිසරයක් ගොඩනැගීමේ අවශ්යතාව අවධාරණය කිරීමත් මෙම දිනයේ වැදගත් අරමුණු වේ.
















