ලිංගික අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මුරුතලාව ප්රාථමික විදුහලේදී පැවැත්වුණි.
දරුවන්ගේ වයසට හා අවබෝධයට ගැළපෙන පරිදි කුඩා කල සිටම ප්රජනක හා ලිංගික සෞඛ්යය පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්යතාව සැලකිල්ලට ගනිමින්, ඒ සඳහා පෙළපොත් සකස් කිරීමටද අධ්යාපන අමාත්යාංශය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
මුරුතලාව ප්රාථමික විද්යාලයේ විදුහල්පතිනි නයනා වීරසේකර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
ඉලුක්තැන්න–මුරුතලාව ප්රාදේශීය රෝහලේ ප්රධාන වෛද්යවරයා සහ හෙද නිලධාරිනියන් වන එච්. කේ. කුලසේකර මහත්මිය හා එන්. ඩබ්ලිව්. ජයසේකර මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවා ඇත.
















