පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ අද (15) කොළඹට ළඟාවීමට නියමිතව තිබේ.
පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ මෙම පා ගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ සහ නිට්ටඹුව යන නගර පසුකරමින් ඊයේ (14) කඩවත නගරයෙන් අවසන් කර තිබුණි.
ඒ අනුව, අද (15) උදෑසන කඩවත නගරයෙන් යළි ආරම්භ කළ පා ගමන කොළඹ බලා ගමන් කිරීමට නියමිතය.
















