අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බව පවසා පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම පොලිස් වසමේ මාවත්ගම ප්රදේශයේදී ඊයේ (14) රාත්රියේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මාවත්ගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ෆේස්බුක් ව්යාපාරික ගිණුමක් හරහා වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බව පවසා, සතියකට රුපියල් 5,000ක්, සති දෙකකට රුපියල් 10,000ක් සහ මාසයකට රුපියල් 15,000ක් ලෙස මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එලෙස මුදල් ලබාගැනීමෙන් පසු පොරොන්දු වූ පරිදි දැන්වීම් පළ නොකර මුදල් වංචා කළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත. සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම සහ අන් අයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















