2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු ලියාපදිංචි පුද්ගලයන් ඒවා නොවැම්බර් 30 වැනිදාට පෙර භාරදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නියමිත කාලසීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බවයි.
අදාළ තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකම ද සලසා තිබේ.
බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්ය නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබාගත හැකිය.
එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
















