මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේද කුමාර හේරත් මහතාගේ සහ මන්ත්‍රී මණ්ඩලයේ උපදේශකත්වය මත සංවිධානය කළ 2026 ලෝක ළමා දින සැමරුම් ප්‍රසංගය මහව සතිපොළ පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සියලුම පෙරපාසල් නියෝජනය කරමින් දරුවන් විශාල පිරිසක් එක්වූ මෙම උළෙල සතුටු සිනා මැද පැවැති අතර, ඊට සමගාමීව ලෝක වැඩිහිටි දිනය ද සමරනු ලැබීය. එහිදී ප්‍රදේශයේ වැඩිහිටියන් වෙනුවෙන් දිවා ආහාරය සහ විශේෂ ත්‍යාග පිරිනැමීම ද සිදු කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ගීතා හේරත් මහත්මිය සහ මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේද කුමාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය, ලේකම් නිමල් රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් නඳුන් ආර්. සම්පත් මහතා, මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.
මහව මහජන බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු නිලධාරීන් සහ මහව ජාත්‍යන්තර භාෂා පුහුණු පාසලේ විදුහල්පති සම්පත් නවරත්න මහතා ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම උළෙලට එක්ව සිටියහ.
ළමා දින සැමරුම් ප්‍රසංගය වර්ණවත් කළ සියලුම විචිත්‍රවත් අංග ඉදිරිපත් කරනු ලැබුවේ මහව ජාත්‍යන්තර භාෂා පුහුණු පාසලේ දූ දරුවන් විසිනි.














