ඇල්ල දුම්රිය ස්ථානය අසල පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රුපියල් දෙලක්ෂ හැටදහසක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම වැරදි අනාවරණය වී ඇත.
එහිදී නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 120ක් වූ ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 200 බැගින් අලෙවි කර ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව එක් බෝතලයකින් රුපියල් 80ක අමතර මුදලක් අය කර ඇත.
එසේම, කල් ඉකුත් වූ මිලිලීටර් 400 සිසිල් බීම බෝතල් හයක්ද අලෙවිය සඳහා ප්රදර්ශනය කර තිබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් දෙලක්ෂ හැටදහසක දඩ මුදල නියම කර ඇත.
















