දුම්රිය එන්ජිමක් සමඟ පෙට්ටි 15ක් ඇදගෙන ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනක් අද (15) කොළඹ මාලිගාවත්ත දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
2026 ඔක්තෝබර් 15 වැනිදා පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සුදත් කමල් නන්දිමිතුරු මහතා විසිනි.
ශ්රී ලංකාවට කීර්තියක් ගෙනදීමේ අරමුණින් මෙම ගිනස් වාර්තාගත උත්සාහය සංවිධානය කර ඇති අතර, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස සංවිධායකයන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.













