මහ පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති පැට්රික් ඉම්මානුවේල් නිශාන්තන් නමැත්තාට අයත් රුපියල් කෝටි 7ක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් තහනම් කර තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 5 විසින් මෙම පියවර ගෙන ඇත.
විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා දිවයිනේ විවිධ ප්රදේශවලට කේරළ ගංජා ප්රවාහනය කරන ප්රධාන ජාවාරම්කරුවකු බවයි.
යාපනය ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරම්කරුවකුට අයත් දේපළක් තහනම් කළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.
















