මුදල් තැන්පත් කිරීමේ CDM යන්ත්ර අසලදී සිදුකරන බව කියන නව ආකාරයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම්දීමක් කර තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, ඇතැම් පුද්ගලයන් තමන් සතුව ඇති මුදල් CDM යන්ත්රයට තැන්පත් කිරීමට නොහැකි බව පවසමින් වෙනත් පුද්ගලයන්ගේ සහාය ඉල්ලා සිටින බව වාර්තා වී ඇත.
එහිදී මුලින් රුපියල් 500ක නෝට්ටුවක් ලබාදී එය මාරු කර දෙන ලෙස ඉල්ලා සිටින අතර, පසුව එම මුදල ලබාදුන් බව ප්රතික්ෂේප කරමින් අදාළ පුද්ගලයා නොමඟ යවා මුදල් වංචා කිරීමට උත්සාහ කරන බව පොලිසිය පෙන්වා දෙයි.
ඒ අනුව, ATM හා CDM යන්ත්ර භාවිත කිරීමේදී නොහඳුනන පුද්ගලයන් සමඟ මුදල් හුවමාරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. සැකකටයුතු සිදුවීමක් දුටුවහොත් එම ස්ථානයේ බැංකු ආරක්ෂක නිලධාරීන්ට හෝ පොලිසියට දැනුම් දීම වැදගත්ය.
















