සෞදි අරාබියේ මක්කම ප්රදේශයේ මුස්ලිම් පල්ලියක් තුළ අශෝභන ක්රියාවක නිරත වූ බවට වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකුට සහ කාන්තාවකට නියම කර තිබූ මරණ දඬුවම ක්රියාත්මක කර තිබේ.
සෞදි අරාබියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් (Nazerul Islam Abdul Basir) සහ සිටි අක්තාර් (Siti Akhtar) නමැති බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට මෙලෙස දඬුවම් ක්රියාත්මක කර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර තිබේ. ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් වරදකරුවන් බවට තීරණය කර මරණ දඬුවම නියම කර ඇති බව සෞදි බලධාරීන් සඳහන් කරයි.
එම තීන්දුව අදාළ ඉහළ අධිකරණ බලධාරීන් විසින් තහවුරු කිරීමෙන් පසුව, දඬුවම ක්රියාත්මක කිරීම සඳහා රාජකීය නියෝගයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව, 2026 ඔක්තෝබර් 14 වැනිදා මක්කම ප්රදේශයේදී මරණ දඬුවම ක්රියාත්මක කර ඇත
කෙසේ වෙතත්, සිදුකළ බව කියන අශෝභන ක්රියාවෙහි නිශ්චිත ස්වභාවය සෞදි බලධාරීන්ගේ ප්රසිද්ධ නිවේදනයේ පැහැදිලි කර නොමැත.
















