කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ පැතිර යන ඉබෝලා වසංගතය මධ්යම අප්රිකානු ජනරජයට මායිම්ව පිහිටි නව පළාතකට ද ව්යාප්ත වී ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
සෞඛ්ය නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, නෝර්ත් උබන්ගි (North Ubangi) පළාතෙන් ඉබෝලා ආසාදිතයන් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. ඒ අනුව, මෙම වසංගතයෙන් බලපෑමට ලක්ව ඇති කොංගෝවේ පළාත් සංඛ්යාව අටක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධීන් පිළිබඳව කොංගෝ බලධාරීන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව ද වාර්තාවේ සඳහන් වේ.
පසුගිය මැයි මාසයේදී ප්රකාශයට පත් කළ මෙම වසංගතය බුන්ඩිබුග්යෝ (Bundibugyo) වර්ගයේ ඉබෝලා වෛරසය හේතුවෙන් ඇති වී තිබේ. Reuters වාර්තාවට අනුව, මේ වන විට රෝගීන් 9,000කට වැඩි සංඛ්යාවක් සහ මරණ 4,000කට වැඩි සංඛ්යාවක් තහවුරු වී ඇති අතර, එය වාර්තාගත ඉබෝලා වසංගත අතරින් දෙවැනි විශාලතම වසංගතය බවට පත්ව ඇත.
ඉටුරි පළාත තවමත් වසංගතයේ ප්රධාන කේන්ද්රස්ථානය ලෙස පවතින අතර, නෝර්ත් කිවු පළාතෙන් ද මෑතකදී රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබේ.
කොංගෝවෙන් පිටත උගන්ඩාවෙන් සහ කෙන්යාවෙන් ද ආසාදන වාර්තා වී ඇති බව Reuters සඳහන් කරයි. උගන්ඩාව අගෝස්තු මාසයේදී ඉබෝලා වසංගතයෙන් නිදහස් බව ප්රකාශ කර තිබුණ ද, පසුව එරටින් ද නැවත ආසාදන වාර්තා වී ඇත. කෙන්යාව මේ මාසයේදී සිය පළමු ආසාදනය ප්රකාශයට පත් කළ අතර, පළමු රෝගියාගේ සමීප පවුලේ සාමාජිකයෙකුට ද ආසාදනය වී ඇති බව බදාදා නිවේදනය කර තිබේ.
වසංගතය නව ප්රදේශවලට පැතිරීමත් සමඟ රෝගය පාලනය කිරීමේ කටයුතු සෞඛ්ය බලධාරීන්ට තවදුරටත් අභියෝගයක් වී ඇත.














