සෝමාලියාවේ මීළඟ ජනාධිපතිවරණය 2027 වසරේ මැයි 15 වැනිදා පැවැත්වීමට නියමිත බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
Reuters පුවත් සේවය වාර්තා කරන පරිදි, මැතිවරණ කොමිසමේ සභාපති අබ්දිකරීම් අහමඩ් හසන් රාජ්ය රූපවාහිනිය ඔස්සේ මෙම නිවේදනය සිදු කර ඇත.
එමෙන්ම, සෝමාලියානු පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්රී මණ්ඩල දෙක සඳහාම මැතිවරණ 2027 අප්රේල් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
වත්මන් ජනාධිපති හසන් ෂෙයික් මොහමුද්ගේ ධුර කාලය මෙම වසරේ මැයි මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මාර්තු මාසයේදී එරට නීති සම්පාදකයන් ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ක්රියාත්මක කිරීමට ඡන්දය දීමෙන් ඔහුගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ වීමට ඉඩ සැලසුණි. එම පියවරට විපක්ෂයේ විවේචන එල්ල වී තිබේ.
මේ අතර, සෝමාලියානු රජය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායම පරාජය කිරීමේ අභියෝගයට තවදුරටත් මුහුණ දෙයි. දශක දෙකකට ආසන්න කාලයක් රජයට එරෙහිව සටන් කරන මෙම කණ්ඩායම තවමත් ග්රාමීය ප්රදේශවල විශාල භූමි ප්රමාණයක් පාලනය කරන අතර ප්රධාන නගරවලට ද ප්රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.













